මල්ලි‍ට හොරෙන් චිත්‍රපටි හංගන්න…. HideMe……

මම ඉස්සෙල්ලාම ලියන්න යන්නේ මම ටික කාලෙකට කලින් ලියපු software 1ක් ගැන….
ඒක හින්දා තමයි මම වැඩිපුරම බැනුම් අහලා තියෙන්නේ software 1 ක් හින්දා….
Software එකේ නම තමයි HideMe. ඒක හරියට දැකලා නැත්නම් මෙතනින් බා ගන්න.
( හැබැයි බාන්න කලින් මේක කියන්න ඕනි…    Windows Xp වල ඇරෙන්න මේක install කරන්න එපා….)
Hide Me එකෙන් ෆයිල් හංගන්න පුලුවන්….කාටවත් එක පාරට හොයා ගන්න බැරි වෙන්න… Folder එකේ icon එකත් මාරු වෙන හින්දා කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්නත් හංගන්න පුලුවන්… ගෙදර ඉන්නෙ මල්ලි කෙනෙක් නම්, එයාට හොරෙන් පිංතුර, චිත්‍රපටි එහෙම තියා ගන්න ඕනි නම් මේ ක්‍රමේ හොඳයි…ඕනි නම් password 1 කුත් දාන්න පුළුවන්…හැබැයි මල්ලි dos ගැන ඔයාට වඩා දන්නවා නම් සහ මල්ලි ඔයාට වඩා computer ගැන දන්නනවා නම්…. මේක install කරන්න කලින් දෙපාරක් හිතන්න…. මොකද මල්ලිට මාට්ටු උනාට පස්සේ ඉඳලා වැඩක් නෑනෙ…..
මේක install කරලා ඕනම folder එකක් right click කරාම ඒ menu එකේ “___LockMe___” කියලා තියෙන තැන click කරන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් එනවා….
ඒකෙන් ඔයාට කැමති icon 1ක් තෝරගන්න…ඊට පස්සෙ ඔයාට කැමති නම් password 1ක් දාන්න පුළුවන්.
දැන් ඔන්න ok කරාට පස්සෙ folder එකේ icon එක මාරු වෙනවා…. ඒක ඕනි නම් double click කරලා බලන්න, තිබ්බ ඒවා ආපහු තියෙනවද කියලා…….නෑ නේද?
මොකද උනේ……? ඔයා තෝර ගත්තේ internet explorer නම් icon එක double click කරාම යන්නෙ internet explorer….. තෝර ගත්තේ recycle bin නම් යන්නෙ recycle bin…. අනික් ඒවත් එහෙම තමයි…. double click කරාම යන්නෙ වෙනම තැන් වලට නිසා කාටවත් සැක හිතෙන්නෙ නෑ……
දැන් කොහොමද ආපහු තිබ්බ folder එක ගන්නෙ….? හරි ලේසියි….. අර icon එක right click කරන්න….
“UnlockMe” තෝරන්න…. password එකක් දුන්න නම් ඒක ගහලා ok කරන්න….. තිබ්බා වගේ එහෙමම ඇති…. 🙂
කොහොමද මේක වැඩ කරන්නේ……? පොඩි දෙයයි …. folder එක rename කරන එක විතරයි කරන්නේ…..
ඒක ගැන වෙනම post එකක් ඊලඟ පාර දාන්නම්…… try කරලා බලලා comment එකක් දාලා යන්න…..
Advertisements

2 Responses to මල්ලි‍ට හොරෙන් චිත්‍රපටි හංගන්න…. HideMe……

  1. uas says:

    වැඩේ අපූරුයි. දිගටම කරගෙන යන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: