සිංහලෙන් මෘදුකාංග හදන කට්ටියට සිංහල මැසේජ් බොක්ස් API

කොහෙද තිබ්බ PDF කෑල්ලකින් යන්තම් Visual Basic චුට්ටක් ඉගෙන ගත්ත කාලෙ ඉඳන්ම හමා ට තිබුන ආසාවක් තමයි සිංහලෙන් සොෆ්ට්වෙයාර් හදන එක… සිංහලෙන් වැඩේ කරන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි font ප්‍රශ්ණය. මොකද අපි Exe එකක් හදලා ඒක වෙන පරිගණකයක run කරද්දි ඒ පරිගණකයේ සිංහල font එකක් තිබුනෙ නැත්නම් ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩක් නෑ…. font නැතුව  සිංහලෙන් පෙන්නන්න ඕනි නම් images පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒ වැඩේ කරන්න ඊටත් වඩා කරදරයි….

ඉතින් ඕකට තියෙන විකල්පය තමයි font එකත් සොෆ්ට්වෙයාර් එකත් එක්කම install කරන එක….ඉතින් ඕකට   installer එකකුත් හදන්න එපැයි. අනිත් එක එතකොට exe එක run කරන්න administrator කෙනෙක් වෙන්න ත් ඕනිනේ.

අපි කොහොම හරි font එක install කර ගත්තා කියමුකෝ…. ඊට පස්සෙ හමාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි Message Box. මොකද හමා දන්න විදියට vb වල Message Box එකේ font එක වෙනස් කරන්න බෑ….ඒක පෙන්නන්නෙ system font එකෙන්…. දැන් මොකද කරන්නෙ…. ඒකටත් විසඳුමක් තියෙනවා….

අපිට ඕනි නම් message box එකත් සාමාන්‍ය Window එකක් විදියට හදන්න පුලුවන්, හැබැයි එතකොට පෙන්නන හැම message එකකටම වෙන වෙනම window හදන්න වෙනවා…. ඕක තමයි හමාට ඒ දවස් වල තිබුන ප්‍රස්නෙ…

හැබැයි පස්සෙ කාලෙක C පොඩ්ඩක් ඉගෙන ගත්තට පස්සෙ හමා ඔය වැඩේ කරන්න පොඩි dll එකක් ලිව්වා, ඒක හමාගෙ සිංහල ඕමි එකේ තිබුන message box පෙන්නන code එකෙන් කෑල්ලක් වැඩිදියුණු කරලා තමයි හැදුවෙ, පස්සෙ තව color box එකකුත් එකතු කරා. දැන් සිංහලෙන් message box එකක් පෙන්නන්න ඕනි අයට තියෙන්නෙ අර dll එකේ තියෙන function එක call කරන්න විතරයි. Visual Basic වලින් විතරක් නෙමෙයි C / C++ වලිනුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ එක එක භාෂා වලින් මේ API එක පාවිච්චි කරන විදිය වෙන වෙනම readme එකේ දාලා තියෙනවා.

ඔයාලත් VB හරි C/ C++ වලින් සිංහලෙන් Software හදනවා නම් මෙතනින් බාලා බලන්න.

මේකෙ Source Code එක බලන්න ඕනි නම් මෙතනින් බා ගන්න. වැඩිදියුණු කරොත් හමාටත් කියන්න.

Advertisements

8 Responses to සිංහලෙන් මෘදුකාංග හදන කට්ටියට සිංහල මැසේජ් බොක්ස් API

  1. කසුන් ගයශාන් රන්දෙනිය says:

    එලම කිරි අයියා,, හොය හොයා හිටපු එකක් … මම කලින් නම් කලේ කම්පයිල් කලාට පස්සෙ හෙ‍ක්ස් වලින් වෙනස් කරන එක,, එහෙම නැත්නම් resource එඩිට් කරන එක,, ඒත් ඔයාගෙ බාන්ඩෙ පවිච්චි කරලා වැඩේ ලෙසියෙන්ම ගොඩදාගන්න පුලුවන් වගේ…. තැන්කු වේවා……

  2. Elshan says:

    vb 6 wala dll file ekak import karana methods monada?man vb6 walata aluth…..

    puluwannam sample tikak danna.

  3. Elshan says:

    like
    1.Reference walata danawa
    2. “” bla bla bla
    3.declare karanawa onna ohoma ewa thiyanawa neda???

  4. yaka says:

    machan apitath sinhalen softweyars hadana hati mula idala kiyala dennako

  5. චින්තක says:

    thank u so much . mama hoyapu deyak sinhala msgbox . puluwaninam vb walin email yawana vidiyak kiyala denna

    • කසුන් ගයාශාන් රන්දෙණිය says:

      vb වලින් mail යවන එක ලොකු දෙයක් නෙමෙයි, cdo තාක්ෂනයෙන්, හරි ocx එකක් හරි එහෙම නැත්නම් ctl එකක් උනත් හොයා ගන්න පුලුවන් ලේසියෙන්ම ගූගල් කලානම්, හැබැයි හදන්නේ පොර්ටබල් එකක් නම්, කෝකටත් හොදයි, cdo. මෙන්න ලින්ක් එකක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: