පුංචි කාලෙ ගහපු dos ගේම්ස් ආයෙමත් ගහන්න…..

ඕන්න විස්ස විද්‍යාලෙට ගියාට පස්සෙ හමාගෙ පලවෙනි repeat සබ්ජෙක්ට් එක වාර්තා උණා… D අකුරක් නම් කමක් නෑ…. ඒකත් I අකුරක්…. ඒ කියන්නෙ අනිවා ආපහු සබ්ජෙක්ට් එක ලියන්නම වෙනවා… මොනව කරන්නද ඉතින්, පොහොර දාන විදියට නෙ ගස් පැල වෙනවා කියන්නෙ… ඒ වගේම තමයි වැඩ කරන තරමට තමයි results එන්නෙ….

රිපීට් වෙච්ච දුක යන්න කොම්පියුටරේ ඔබ ඔබ ඉන්නකොට හමාට පොඩි කාලෙ ගහපු කොම්පියුටර් ගේම් ටිකක් මතක් උණා….

හමා සිස්සත්වෙ කරන කාලෙ, ඒ කියන්නෙ අනූ හයේ තමයි හමා ඉස්සෙල්ලාම කොම්පියුටරයක් අතගාල බැලුවෙ…. ඒ දවස් වල ඔය වින්ඩෝස් කියන එක මොන පාටද කියලවත් හමා දන්නෙ නෑ…. අනික ඒ දැකපු monitor ඔක්කොම කලු සුදු ඒවා…. ඒවයෙ දිව්වෙ dos….

කොම්පියුටරේ පාවිච්චි කරන්නෙ මොකටද කියල ඉගෙන ගන්න කලින් ම හමා ගැහුවෙ ගේම් එකක්…. ගේම් එකේ නම ඩේන්ජරස් ඩේව්…. ( Dave කිව්වම ගොඩක් අය දන්නවා මයෙ හිතේ…)  ඉතින් ඕක ඒ දවස් වල හෙණ….ම ක්‍රීඩාව…. ඇරෝ කීස් වලින් උඩ පැන පැන මැණික් අරගෙන තුවක්කුවෙන් මකුලුවන්ට වෙඩි තිය තිය යන්න තමයි ඕකෙ තියෙන්නෙ…. තව ජෙට් පැක් අනම් මනම් තියෙනවා…. ඒව ලැබුණම බොහොම කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනි…. අනිත් එක ගේම් එකට තියෙන්නෙත් ලෙවල් 10 යි…. ඒ දවස් වල නම් 4 වෙනි ලෙවල් එකේ මකුලුවට ජීවිතේ පූජා කරල යන්තම් පස්වෙනි ලෙවල් එකට යා ගන්න පුලුවන් උණත් එතනින් එහාට නම් හමාට යා ගන්න බැරි උණා….  (ඒ මකුලුවා දම් පාටයි කියල දන්නෙ මේ මෑතකදි…) කොච්චර ගැහුවත් තාමත් හමා 6 වෙනි ලෙවල් එකෙන් එහාට ගිහින් නෑ….

ඒ දවස් වල තිබුණ අනිත් අමාරුම ගේම් එකම තමයි Prince කියන්නෙ…. ඒක ඔය දැන් prince of persia කියල යන ගේම් සීරීස් එකේ මුල්ම එක කිව්වොත් හරි මයෙ හිතේ…. ඒකෙ ඔය නාකි සීය කෙනෙක් කෙල්ල ලඟ වැලි ඔරලෝසුවක් තියල යනවා…. කොල්ලට තියෙන්නෙ පැයක් යන්න කලින් ලෙවල් 12 ක් ම ගහල, බර ගානක් එක්ක කඩුවෙන් සටන් කරල, තව තව මර උගුල් 250 කින් විතර බේරිල කොහොමහරි අන්තිමට කෙල්ලව බේර ගන්න…. ලෙවල් 12 ම කෙසේ වෙතත් ඒ දවස් වල හමාට පලවෙනි ලෙවල් එකේ කඩුව හොයාගන්නම විතරක් පැයක් විතරම යනවා…

ඔය prince ගේම් එකේ වර්ශන් 2 ක් තියෙනවා…. එකක් ඔරිජිනල් එක…. ඒක නම් ඉවර කරපු අයියල ඉන්නවා… ඒත් ක්‍රැක් කරල අමාරු ලෙවල් දාල හදපු prince 4d  කියන වර්ශන් එක ඉවර කරපු කෙනෙක් ගැන නම් හමා අහලවත් නෑ….

ඔයිට අමතරව ඔය Need for Speed අනං මනං එන්න කලින් හමා ගහපු එළ කාර් ගේමක් තිබුණා…. ඒකත් dos වලම තමයි දිව්වෙ…  ඒකෙ තියෙන්නෙ කාර් එකක් අරගෙන පාරෙ යන්න…. හැබැයි පාරෙ යන වාහන වල හප්පන්න තහනම්…. වැරදිල හරි හැප්පුනොතින් වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු…. අනික වැඩිය හයියෙන් ගියොත් පොලීසිය පස්සෙන් එනවා…. අහුවුනොතින් දඩ….. ඒ මදිවට තෙල් ගහන්නත් ඕනි….

Need for Speed, Hot pursuit එහෙම එන්න කලින් තිබුණ හොඳම කාර් ගේම් එක තමයි ඕක… ගේම් එක ගහල තිබුණට හමා හරියට ගේම් එකේ නම දැනගෙන හිටියෙ නෑ….. අන්තර්ජාලෙ පොඩ්ඩක් හොයල බලල තමයි හොයා ගත්තෙ ගේම් එකේ නම Test Drive කියල…. ඕකෙ වර්ශන් කීපයක් ම තියෙනව, හමා ගහල තිබුනෙ 2….

ඉතින් හමා වින්ඩෝස් පාවිච්චි කරන්නෙත් නැති හින්ද ඔය ගේම් ටික ආයමත් ගහන්න විදියක් හොය හොයා ඉන්නකොට තමයි dosbox හම්බ උණේ….  Wine වල හෝ Windows අලුත් වර්ශන් වල පවා වැඩ නොකරන,  පරණ dos ගේම්ස් ගොඩක් ඒව මේකෙන් ගහන්න පුලුවන්…. ඕනි කට්ටිය මෙතනින් බාලා දාගෙන බලන්න….

Pac man, Mario, Mortal Kombat 2 වගේ ගේම්සුත් හමා ගහල තියෙනව…. ඒත් ඔය කියාපුව තරම් හිතට වැදුන ගේම්ස් ටිකක් ආයෙ නෑ…. කොච්චර පරණ උණත් ඒවයෙ තාමත් පොඩි ගතියක් තියෙනවා…. ඒවයෙ level design උණත් අද තියෙන ඒවට වඩා ඉස්සරහින් ඉන්නව කියල හමාට හිතෙන්නෙ….. අදහස් තියෙනවනම් කියල යන්න….

Advertisements

7 Responses to පුංචි කාලෙ ගහපු dos ගේම්ස් ආයෙමත් ගහන්න…..

  1. Dave නම් සිරා. Prince නුත් ගහල තියෙනව.

    මීට අමතරව Wolf 3D කියලත් එකක් ගැහුවා. ඒක තිබුණෙ යාළුවෙක්ගෙ මැෂිමක. ඒක copy කර ගන්න ගිහින් වැඩේ හරි ගියේ නැතුව floppy disk එක එහේ තියල ඇවිල්ලා සතියකින් විතර තමයි ඒක හම්බුණේ. යාළුවගෙ මැෂිම හදන්න එන මනුස්සය තමයි copy කරල දීල තියෙන්නෙ 🙂

    මේ කියල තියෙනව වගේ කාර් රේස් ගේම් එකක් ගැහුව මතකයි. ඒකෙ නම නම් මතක විදියට Lotus ද කොහේද. NFS ගහන්න කලින් nascar ගැහුවා. එකෙ track එකේ ටිකක් ගිහින් රෝද එකෙම මාරු කරල පොඩි රෙපයාර් පාරක් දාගෙන ආපහු රේස් එක යන්න පුළුවන්නේ. ඒක සිරා.

    හොඳම කතාව තියෙන්නෙ alladin game එක ගැන. ඕක තිබුණෙ ක්‍රිෂාන්ගෙ මැෂිමෙ. ඒ කාලෙ CD ROM ඇත්තෙත් නෑ Floppy තමයි. ඔය ගේම් එකේ size එකත් වැඩියි. තිබුණෙත් floppy disk තුනයි. මොනව කරන්නද දාන්න පුළුවන් ෆයිල් ටික disk තිනට දාල බයිසිකල් පැදගෙන ගෙදර ඇවිල්ල මගේ මැසිමට දාල ආපහු බයිසිකල් පැදගෙන ක්‍රිෂාන්ගෙ ගෙදර ගිහින් තව ෆයිල් ටිකක් කොපි කරන් ඔහොම තුන් පාරක් එහාට මෙහාට ගිහින් කොහොමහරි ඔක්කොම ෆයිල් ටික කොපි කර ගත්තා. කරුමෙ කියන්නෙ ඒත් ගේම් එක වැඩ කරේ නෑ නේ.

    සිරා ලිපියක්. පරණ මතකයන් අළුත් වුණා. බොහොම ස්තුතියි. 🙂

  2. පට්ටයි. පරණ කාලේ පිස්සු ත්‍රිල්.
    ප්‍රින්ස් නම් ඉවර කලා. පට්ටම ගේම් එක.

  3. අඩේ හමා… ඔය ගේම් සෙට් මාත් ගහලා තියෙනවා බං… ඇත්තටම තාමත් ඒ තරම් හිතට වැදුන ගේම්ස් නැහැ බං…

  4. Praසන්ன says:

    ඩේව් නං මාත් ඉවර කරල නෑ. ලෙවල් 4 න් එහාට ගිහින් නෑ.
    හැබැයි Prince එකනං ඉවර කරල තියෙනව. ඒකෙත් මොකද්ද එකක් කරල ගේම් එක ගහන්නෙ ‍නැතිව අන්තිම ලෙවල් එකට කෙලින්ම යන්න පුලුවං ක්‍රමයක් තිබුන. එතකොට තප්පර ගානෙන් ගේම් එක ඉවර කරන්න පුලුවං.
    අර කාර් ගේම් එකනං ලොටස් වගේ තමයි.
    ඔය ගේම් ඔක්කොම තනි ෆ්ලොපි එකකට කොපි කරන්න පුලුවං ඒව.

  5. නදී... says:

    “ඕන්න විස්ස විද්‍යාලෙට ගියාට පස්සෙ හමාගෙ පලවෙනි repeat සබ්ජෙක්ට් එක වාර්තා උණා…”

    මම් අහල තියනව සබ්ජෙට් එකක් හරි රිපීට් නොවුන ඩිග්‍රියෙන් ඇති වෑඩක් නෑ කියල.ඒත් සබ්ජෙක්ක්ට් එක ඩවුන් උනකෙනාටනේ ඒකෙ දුක නේද?අනිත් සෑරේ හොදට කරල ගොඩ දාන්න. සුබ පෑතුම්.මමත් ඉස්සර වෑඩියෙන්ම කොම්පුටර් එක පාවිච්චිකරේ ගේම් ගහන්න.:ඩී

  6. dsit86 says:

    මචන් සුද්ද “ඕල්ඩ් ඉස් ගෝල්ඩ් ” කිව්වේ කට කහනවට නෙමේ පට්ට ග්‍රැෆික්ස් දාල දැන් තියන ගමේ වලට වැඩ මේ පරණ ගමේ වල පට්ට ෆුන් එකක් තියනවා. අනික පොඩි කලේ මේවා ගහපු නිසධෝ මේවා /ගහද්දි මර සතුටක් දැනෙනවා….මම නම් ගහල තියන පට්ටම ගේම් එක WOLFENSTEIN .

  7. සිරා පොස්ට් එක … පරණ ගහපු ඔක්කොම DOS සෙල්ලන් ටික මතක උනා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: