කොම්පියුටර් ගේම් එකක් හැදුවොත්…. දෙන්නං රුපියල් ලක්සයක්….

කොම්පියුටර් ගේම් ගහන්න කව්ද අකමැති…? චූටි චූටි ඇච්චා පැච්චා කාලෙ ඉඳල සීයල වෙනකල් ඕන කෙනෙක් කොම්පියුටර් ගේම් ගහන්න කැමතියි… හැබැයි කොම්පියුටර් ගේම් හදන්න කැමති කව්ද කියල ඇහුවොත්…?

අන්න එතකොට නම් වැඩි දෙනෙක් අත උස්සන එකක් නෑ….

ඒ මොකෝ…. කොම්පියුටර් ගේම් එකක් හදන එක ලේසිම නෑ…

ඒකට ගොඩක් දේවල් දැනගන්න ඕනි… අනික ලංකාවෙ ඔය පැත්ත එච්චර දියුණු වෙලා නෑ…. හැබැයි ආස කට්ටිය නම් ඕන තරම් ඉන්නවා… ජීවිතේට කොම්පියුටර් ගේම් එකක් හදල නැති උණත් ඒකක් හදන්න basics තියෙන කට්ටිය ඕන තරම්… ඒ අයට ඕනි push එකක් දෙන්න විතරයි…

අනික දැනටමත් computer language එකක් දන්න කට්ටියට game engine එකක් ගැන ඉගෙන ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි…

ඉතින් ඔය හැම කෙනෙක්ටම තමන්ගේ හැකියාවන් උරගා බලන්න තියෙනවා පොඩි තරඟයක්… ඒකෙ නම තමයි IESL Cruncher කියන්නෙ… ඉස්කෝලෙ යන නංගිල මල්ලිලට, කැම්පස් ඉන්න අයියල අක්කලට වගේම ගෙදර ඉඳන් විනෝදාංශෙට Software හදන ඕනම කෙනෙක්ට මේකට සහබාගී වෙන්න පුලුවන්…

තරඟෙ තියෙන්නෙ කොටස් තුනකට… Flash අංශය, 2D අංශය සහ 3Dඅංශය විදියට… ඔය Flash ගොඩට Web browser එකක වැඩ කරන්න පුලුවන් HTML 5 හරි Silverlight හරි ඕන ගේමක් අයිතියි… Flash ගොඩට අයිති වෙන්නැති ගේම්ස් 2D අංසෙනුත්, ත්‍රිමාණව හදල තියෙන ඒවා 3D ගොඩටත් අයිතියි.. 😉

වැදගත් ම කතන්දරේ අන්තිමට…. තරඟෙන් දිනුවොත්…. ප්‍රථම ස්ථානෙට රුපියල් ලක්සයක් ලැබෙනවා… ගොඩක් වෙලාවට තෑග්ග ඊටත් වැඩි වෙයි… දැනට ආරංචි හැටියට නම් එහෙමයි… ආයෙ මෝස්ට් පොපියුලර් ගේම් එකට වෙනම ලක්සයක්… 🙂

ඒ හින්දා…. දැන්මම තියෙන අනිත් වැඩ පැත්තක තියලා…… ගේම් හදන්න පටන් ගන්න…

www.cruncher.lk එකෙන් හරි www.ieslcruncher.blogspot.com එකෙන් හරි වැඩි විස්තර දැනගන්න පුලුවන්… Facebook ඕනි නම් www.facebook.com/ieslcruncher එකට ලයික් වෙන්න…

ඒත් මදි නම් ieslcruncher2011 ඇට් ජීමේල් ඩොට් කොම් එකට මේල් එකක් දාලා අහගන්න….

පුංචි කාලෙ ගහපු dos ගේම්ස් ආයෙමත් ගහන්න…..

ඕන්න විස්ස විද්‍යාලෙට ගියාට පස්සෙ හමාගෙ පලවෙනි repeat සබ්ජෙක්ට් එක වාර්තා උණා… D අකුරක් නම් කමක් නෑ…. ඒකත් I අකුරක්…. ඒ කියන්නෙ අනිවා ආපහු සබ්ජෙක්ට් එක ලියන්නම වෙනවා… මොනව කරන්නද ඉතින්, පොහොර දාන විදියට නෙ ගස් පැල වෙනවා කියන්නෙ… ඒ වගේම තමයි වැඩ කරන තරමට තමයි results එන්නෙ….

රිපීට් වෙච්ච දුක යන්න කොම්පියුටරේ ඔබ ඔබ ඉන්නකොට හමාට පොඩි කාලෙ ගහපු කොම්පියුටර් ගේම් ටිකක් මතක් උණා….

හමා සිස්සත්වෙ කරන කාලෙ, ඒ කියන්නෙ අනූ හයේ තමයි හමා ඉස්සෙල්ලාම කොම්පියුටරයක් අතගාල බැලුවෙ…. ඒ දවස් වල ඔය වින්ඩෝස් කියන එක මොන පාටද කියලවත් හමා දන්නෙ නෑ…. අනික ඒ දැකපු monitor ඔක්කොම කලු සුදු ඒවා…. ඒවයෙ දිව්වෙ dos….

කොම්පියුටරේ පාවිච්චි කරන්නෙ මොකටද කියල ඉගෙන ගන්න කලින් ම හමා ගැහුවෙ ගේම් එකක්…. ගේම් එකේ නම ඩේන්ජරස් ඩේව්…. ( Dave කිව්වම ගොඩක් අය දන්නවා මයෙ හිතේ…)  ඉතින් ඕක ඒ දවස් වල හෙණ….ම ක්‍රීඩාව…. ඇරෝ කීස් වලින් උඩ පැන පැන මැණික් අරගෙන තුවක්කුවෙන් මකුලුවන්ට වෙඩි තිය තිය යන්න තමයි ඕකෙ තියෙන්නෙ…. තව ජෙට් පැක් අනම් මනම් තියෙනවා…. ඒව ලැබුණම බොහොම කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනි…. අනිත් එක ගේම් එකට තියෙන්නෙත් ලෙවල් 10 යි…. ඒ දවස් වල නම් 4 වෙනි ලෙවල් එකේ මකුලුවට ජීවිතේ පූජා කරල යන්තම් පස්වෙනි ලෙවල් එකට යා ගන්න පුලුවන් උණත් එතනින් එහාට නම් හමාට යා ගන්න බැරි උණා….  (ඒ මකුලුවා දම් පාටයි කියල දන්නෙ මේ මෑතකදි…) කොච්චර ගැහුවත් තාමත් හමා 6 වෙනි ලෙවල් එකෙන් එහාට ගිහින් නෑ….

ඒ දවස් වල තිබුණ අනිත් අමාරුම ගේම් එකම තමයි Prince කියන්නෙ…. ඒක ඔය දැන් prince of persia කියල යන ගේම් සීරීස් එකේ මුල්ම එක කිව්වොත් හරි මයෙ හිතේ…. ඒකෙ ඔය නාකි සීය කෙනෙක් කෙල්ල ලඟ වැලි ඔරලෝසුවක් තියල යනවා…. කොල්ලට තියෙන්නෙ පැයක් යන්න කලින් ලෙවල් 12 ක් ම ගහල, බර ගානක් එක්ක කඩුවෙන් සටන් කරල, තව තව මර උගුල් 250 කින් විතර බේරිල කොහොමහරි අන්තිමට කෙල්ලව බේර ගන්න…. ලෙවල් 12 ම කෙසේ වෙතත් ඒ දවස් වල හමාට පලවෙනි ලෙවල් එකේ කඩුව හොයාගන්නම විතරක් පැයක් විතරම යනවා…

ඔය prince ගේම් එකේ වර්ශන් 2 ක් තියෙනවා…. එකක් ඔරිජිනල් එක…. ඒක නම් ඉවර කරපු අයියල ඉන්නවා… ඒත් ක්‍රැක් කරල අමාරු ලෙවල් දාල හදපු prince 4d  කියන වර්ශන් එක ඉවර කරපු කෙනෙක් ගැන නම් හමා අහලවත් නෑ….

ඔයිට අමතරව ඔය Need for Speed අනං මනං එන්න කලින් හමා ගහපු එළ කාර් ගේමක් තිබුණා…. ඒකත් dos වලම තමයි දිව්වෙ…  ඒකෙ තියෙන්නෙ කාර් එකක් අරගෙන පාරෙ යන්න…. හැබැයි පාරෙ යන වාහන වල හප්පන්න තහනම්…. වැරදිල හරි හැප්පුනොතින් වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු…. අනික වැඩිය හයියෙන් ගියොත් පොලීසිය පස්සෙන් එනවා…. අහුවුනොතින් දඩ….. ඒ මදිවට තෙල් ගහන්නත් ඕනි….

Need for Speed, Hot pursuit එහෙම එන්න කලින් තිබුණ හොඳම කාර් ගේම් එක තමයි ඕක… ගේම් එක ගහල තිබුණට හමා හරියට ගේම් එකේ නම දැනගෙන හිටියෙ නෑ….. අන්තර්ජාලෙ පොඩ්ඩක් හොයල බලල තමයි හොයා ගත්තෙ ගේම් එකේ නම Test Drive කියල…. ඕකෙ වර්ශන් කීපයක් ම තියෙනව, හමා ගහල තිබුනෙ 2….

ඉතින් හමා වින්ඩෝස් පාවිච්චි කරන්නෙත් නැති හින්ද ඔය ගේම් ටික ආයමත් ගහන්න විදියක් හොය හොයා ඉන්නකොට තමයි dosbox හම්බ උණේ….  Wine වල හෝ Windows අලුත් වර්ශන් වල පවා වැඩ නොකරන,  පරණ dos ගේම්ස් ගොඩක් ඒව මේකෙන් ගහන්න පුලුවන්…. ඕනි කට්ටිය මෙතනින් බාලා දාගෙන බලන්න….

Pac man, Mario, Mortal Kombat 2 වගේ ගේම්සුත් හමා ගහල තියෙනව…. ඒත් ඔය කියාපුව තරම් හිතට වැදුන ගේම්ස් ටිකක් ආයෙ නෑ…. කොච්චර පරණ උණත් ඒවයෙ තාමත් පොඩි ගතියක් තියෙනවා…. ඒවයෙ level design උණත් අද තියෙන ඒවට වඩා ඉස්සරහින් ඉන්නව කියල හමාට හිතෙන්නෙ….. අදහස් තියෙනවනම් කියල යන්න….

එලම එල ස්ට්‍රැටජි ගේම් එක…… Battle For Wesnoth

ගොඩක් අය කොම්පියුටර් ගේම් ගහන්න ආසයි.. ඒත් එක එක කට්ටිය ගහන්න ආස ගේම් ජාතිය එක් කෙනෙක් ගෙන් අනිකාට වෙනස්. සමහරු වෙඩි තියන ඒවට ආසයි, සමහරු රේස් පදින්න ආසයි… තවත් අය හමුදා හදලා යුද්ධ කරන්න ආසයි. ඔය අන්තිමට කියපු ජාතියට කියන්නෙ ස්ට්‍රැටජි ගේම් කියලා…. මම කියන්න යන්නෙ මම ගහපු එලම ස්ට්‍රැටජි ගේම් එක ගැන….
.
ස්ට්‍රැටජි කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නෙ Age Of Empires හරි Age Of Mythology හරි. එහෙමත් නැත්නම් Red Alert.. ඒත් මම කියන්න යන එක ඒ ඔක්කොටම වඩා වෙනස්.  එක හේතුවක් තමයි Wesnoth ගහන්න තියෙන්නෙ මාරුවෙන් මාරුවට, ඒ කියන්නෙ ඔයා Play කරද්දි ඉස්සෙල්ලාම ඔයාගෙ moves ටික කරාට පස්සෙ තමයි ඔයාගෙ ප්‍රතිවාදියාගෙ moves ටික කරන්නෙ…. හරියට චෙස් හරි දාම් හරි අදිනවා වගේ…..
.
අනිත් එක තමයි Wesnoth කියන්නෙ Open Source ගේම් එකක්. මේක හදන්න 550 දෙනෙක් දායක වෙලා තියෙනවා….හැබැයි ගේම් එක download කරලා play කරන්න යද්දි හිතෙන දෙයක් තමයි, මෙච්චර දෙනෙක් ඕනිද මේ වගේ පුංචි ගේම් එකක් හදන්න කියලා…. මොකද Wesnoth දැක්ක ගමන් ගොඩක් අයට ආස හිතෙන්නෙ නෑ…. ඒකෙ graphics ටිකක් පරණ පාටයි….අනිත් ගේම් වගේ වැඩිය ඇනිමේෂන්  කෑලි නෑ….. Video කෑලි නෑ….. අලුත් අලුත් ගේම් ගහන කට්ටියට මේක එක පාර අල්ලන්නෙ නැතිවෙයි…ඒත් ටික වෙලාවක් සෙල්ලම් කරද්දි තමයි මටත් හරියටම මේකෙ ගතිය තේරුණේ….
.
Wesnoth ගහන්න තියෙන්නෙ ෂඩාස්‍රාකාර කොටු තියෙන සිතියමක….මේ කොටු වල සෙබළු ගෙනියලා යුද්ධ කරන්න තමයි තියෙන්නෙ….හැබැයි යුද්දෙට යද්දි අනිත් ගේම් වගේ එක පාරටම හම්බවෙන තැනම සටන් කරන්න එපා….යුද්ධ කරද්දි තව තව ගොඩක් දේවල් හිතන්න තියෙනවා…. සටන් කරන වෙලාව එක කාරණයක්….
ගේම් එක ගහන්න ගහන්න දවසේ වෙලාව වෙනස් වෙනවා…අපි අරගෙන ඉන්න කණ්ඩායම හැටියට අපිට  දවසේ එක එක වෙලාවල් වල සටන් කරන එක වාසියි….. උදාහරණයක් විදියට අපි අරන් ඉන්නෙ Elves ලා නම්, දවල් සටන් කරන එක වාසියි…. අපි අරන් ඉන්නෙ Orcs ලා නම් රෑ තමයි හොඳම වෙලාව…
ඒ විතරක් නෙමෙයි, ඉන්න තැන අනුවත් සටන දිනන්න පුළුවන්ද කියලා තීරණය වෙනවා… දුනුවායොන්ට නම් කැලේ අස්සෙ ඉඳලා සටන් කරද්දි 80% ක වාසියක් තියෙනවා, එලියෙ ඉද්දි 40% යි…. අශ්වාරෝහකයන්ට නම් කැලේ අස්සෙ ගමන් චාටර්…. වතුරෙ යද්දි ඊටත් වඩා චාටර්….
අනිත් එක Red Alert වල වගේ අපි සෙබලු 5ක් හැදුවොත් ඒ 5 දෙනාම එක වගේ නෑ…. අහබු විදියට සමහර අයට විශේෂ හැකියාවන් ලැබෙනවා. සමහර සෙබලුන් ට ඈතට යන්න පුලුවන්, තවත් අයට අනිත් අයට වඩා සටන් කරන්න පුළුවන්… සටනක් කරද්දි මේ ඔක්කොම ගැන හිතන්න ඕනි….
.
නිකමට වගේ පොඩ්ඩක් ගහලා බලන්න…. campaign වල mission 2 – 3ක් ගහද්දි system එක අහු වෙනවා… ඊට පස්සෙ ගේම් එක ගහන එක නවත්තන්න තමයි ටිකක් අමාරු….  ඕනි කට්ටිය මෙතනින් බා ගන්න….අල්ලලා ගියොත් Comment එකක් දාල යන්නකෝ…. 🙂
.
.
.
Screenshot_01
….
%d bloggers like this: