සිංහලෙන් මෘදුකාංග හදන කට්ටියට සිංහල මැසේජ් බොක්ස් API

කොහෙද තිබ්බ PDF කෑල්ලකින් යන්තම් Visual Basic චුට්ටක් ඉගෙන ගත්ත කාලෙ ඉඳන්ම හමා ට තිබුන ආසාවක් තමයි සිංහලෙන් සොෆ්ට්වෙයාර් හදන එක… සිංහලෙන් වැඩේ කරන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි font ප්‍රශ්ණය. මොකද අපි Exe එකක් හදලා ඒක වෙන පරිගණකයක run කරද්දි ඒ පරිගණකයේ සිංහල font එකක් තිබුනෙ නැත්නම් ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩක් නෑ…. font නැතුව  සිංහලෙන් පෙන්නන්න ඕනි නම් images පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒ වැඩේ කරන්න ඊටත් වඩා කරදරයි….

ඉතින් ඕකට තියෙන විකල්පය තමයි font එකත් සොෆ්ට්වෙයාර් එකත් එක්කම install කරන එක….ඉතින් ඕකට   installer එකකුත් හදන්න එපැයි. අනිත් එක එතකොට exe එක run කරන්න administrator කෙනෙක් වෙන්න ත් ඕනිනේ.

අපි කොහොම හරි font එක install කර ගත්තා කියමුකෝ…. ඊට පස්සෙ හමාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි Message Box. මොකද හමා දන්න විදියට vb වල Message Box එකේ font එක වෙනස් කරන්න බෑ….ඒක පෙන්නන්නෙ system font එකෙන්…. දැන් මොකද කරන්නෙ…. ඒකටත් විසඳුමක් තියෙනවා….

අපිට ඕනි නම් message box එකත් සාමාන්‍ය Window එකක් විදියට හදන්න පුලුවන්, හැබැයි එතකොට පෙන්නන හැම message එකකටම වෙන වෙනම window හදන්න වෙනවා…. ඕක තමයි හමාට ඒ දවස් වල තිබුන ප්‍රස්නෙ…

හැබැයි පස්සෙ කාලෙක C පොඩ්ඩක් ඉගෙන ගත්තට පස්සෙ හමා ඔය වැඩේ කරන්න පොඩි dll එකක් ලිව්වා, ඒක හමාගෙ සිංහල ඕමි එකේ තිබුන message box පෙන්නන code එකෙන් කෑල්ලක් වැඩිදියුණු කරලා තමයි හැදුවෙ, පස්සෙ තව color box එකකුත් එකතු කරා. දැන් සිංහලෙන් message box එකක් පෙන්නන්න ඕනි අයට තියෙන්නෙ අර dll එකේ තියෙන function එක call කරන්න විතරයි. Visual Basic වලින් විතරක් නෙමෙයි C / C++ වලිනුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ එක එක භාෂා වලින් මේ API එක පාවිච්චි කරන විදිය වෙන වෙනම readme එකේ දාලා තියෙනවා.

ඔයාලත් VB හරි C/ C++ වලින් සිංහලෙන් Software හදනවා නම් මෙතනින් බාලා බලන්න.

මේකෙ Source Code එක බලන්න ඕනි නම් මෙතනින් බා ගන්න. වැඩිදියුණු කරොත් හමාටත් කියන්න.

එලම එල ස්ට්‍රැටජි ගේම් එක…… Battle For Wesnoth

ගොඩක් අය කොම්පියුටර් ගේම් ගහන්න ආසයි.. ඒත් එක එක කට්ටිය ගහන්න ආස ගේම් ජාතිය එක් කෙනෙක් ගෙන් අනිකාට වෙනස්. සමහරු වෙඩි තියන ඒවට ආසයි, සමහරු රේස් පදින්න ආසයි… තවත් අය හමුදා හදලා යුද්ධ කරන්න ආසයි. ඔය අන්තිමට කියපු ජාතියට කියන්නෙ ස්ට්‍රැටජි ගේම් කියලා…. මම කියන්න යන්නෙ මම ගහපු එලම ස්ට්‍රැටජි ගේම් එක ගැන….
.
ස්ට්‍රැටජි කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නෙ Age Of Empires හරි Age Of Mythology හරි. එහෙමත් නැත්නම් Red Alert.. ඒත් මම කියන්න යන එක ඒ ඔක්කොටම වඩා වෙනස්.  එක හේතුවක් තමයි Wesnoth ගහන්න තියෙන්නෙ මාරුවෙන් මාරුවට, ඒ කියන්නෙ ඔයා Play කරද්දි ඉස්සෙල්ලාම ඔයාගෙ moves ටික කරාට පස්සෙ තමයි ඔයාගෙ ප්‍රතිවාදියාගෙ moves ටික කරන්නෙ…. හරියට චෙස් හරි දාම් හරි අදිනවා වගේ…..
.
අනිත් එක තමයි Wesnoth කියන්නෙ Open Source ගේම් එකක්. මේක හදන්න 550 දෙනෙක් දායක වෙලා තියෙනවා….හැබැයි ගේම් එක download කරලා play කරන්න යද්දි හිතෙන දෙයක් තමයි, මෙච්චර දෙනෙක් ඕනිද මේ වගේ පුංචි ගේම් එකක් හදන්න කියලා…. මොකද Wesnoth දැක්ක ගමන් ගොඩක් අයට ආස හිතෙන්නෙ නෑ…. ඒකෙ graphics ටිකක් පරණ පාටයි….අනිත් ගේම් වගේ වැඩිය ඇනිමේෂන්  කෑලි නෑ….. Video කෑලි නෑ….. අලුත් අලුත් ගේම් ගහන කට්ටියට මේක එක පාර අල්ලන්නෙ නැතිවෙයි…ඒත් ටික වෙලාවක් සෙල්ලම් කරද්දි තමයි මටත් හරියටම මේකෙ ගතිය තේරුණේ….
.
Wesnoth ගහන්න තියෙන්නෙ ෂඩාස්‍රාකාර කොටු තියෙන සිතියමක….මේ කොටු වල සෙබළු ගෙනියලා යුද්ධ කරන්න තමයි තියෙන්නෙ….හැබැයි යුද්දෙට යද්දි අනිත් ගේම් වගේ එක පාරටම හම්බවෙන තැනම සටන් කරන්න එපා….යුද්ධ කරද්දි තව තව ගොඩක් දේවල් හිතන්න තියෙනවා…. සටන් කරන වෙලාව එක කාරණයක්….
ගේම් එක ගහන්න ගහන්න දවසේ වෙලාව වෙනස් වෙනවා…අපි අරගෙන ඉන්න කණ්ඩායම හැටියට අපිට  දවසේ එක එක වෙලාවල් වල සටන් කරන එක වාසියි….. උදාහරණයක් විදියට අපි අරන් ඉන්නෙ Elves ලා නම්, දවල් සටන් කරන එක වාසියි…. අපි අරන් ඉන්නෙ Orcs ලා නම් රෑ තමයි හොඳම වෙලාව…
ඒ විතරක් නෙමෙයි, ඉන්න තැන අනුවත් සටන දිනන්න පුළුවන්ද කියලා තීරණය වෙනවා… දුනුවායොන්ට නම් කැලේ අස්සෙ ඉඳලා සටන් කරද්දි 80% ක වාසියක් තියෙනවා, එලියෙ ඉද්දි 40% යි…. අශ්වාරෝහකයන්ට නම් කැලේ අස්සෙ ගමන් චාටර්…. වතුරෙ යද්දි ඊටත් වඩා චාටර්….
අනිත් එක Red Alert වල වගේ අපි සෙබලු 5ක් හැදුවොත් ඒ 5 දෙනාම එක වගේ නෑ…. අහබු විදියට සමහර අයට විශේෂ හැකියාවන් ලැබෙනවා. සමහර සෙබලුන් ට ඈතට යන්න පුලුවන්, තවත් අයට අනිත් අයට වඩා සටන් කරන්න පුළුවන්… සටනක් කරද්දි මේ ඔක්කොම ගැන හිතන්න ඕනි….
.
නිකමට වගේ පොඩ්ඩක් ගහලා බලන්න…. campaign වල mission 2 – 3ක් ගහද්දි system එක අහු වෙනවා… ඊට පස්සෙ ගේම් එක ගහන එක නවත්තන්න තමයි ටිකක් අමාරු….  ඕනි කට්ටිය මෙතනින් බා ගන්න….අල්ලලා ගියොත් Comment එකක් දාල යන්නකෝ…. 🙂
.
.
.
Screenshot_01
….

බයි බායි Windows…..

ඕන්න මම තනිකරම උබුන්ටු වලට මාරු උණා….
කලින් තිබ්බ Windows 7 partition එක තනිකරම format කරලාම දැම්මා…
මට වින්ඩෝස් වල වැඩ කරන, උබුන්ටු වල නැති software එකකට ඕනි Office 2007 විතරයි.
ඒ OpenOffice වල හරියට අලුත් Word File හරියට පෙන්නන්නෙ නැති හින්දා… Wine දාලා ඔපිස් 2007 යි මධුර ශබ්දකෝෂයයි දා ගත්තා… දෙකම අවුලක් නැතුව වැඩ….
Vlc, Chrome, Codeblocks, Netbeans, Skype, Blender, Octave වගේ හෙණ ගොඩක් Software ත් දාගෙන තියෙන්නෙ…. ආයේ මට වින්ඩෝස් ඹ්නි නෑ…..නෑ මයි……. 😉

මගේ ඩෙස්ක්ටොප් එක

මල්ලිට හොරෙන් චිත්‍රපටි හංගන්න HideMe… (2 කොටස)

HideMe කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැත්නම් මෙන්න මේ කලින් ලිපිය බලලා ඉන්න...

ඇත්තටම මේක වැඩ කරන්නෙ කොහොමද? ඇත්තම කියනවානම් මමත් ඒක හරියට දන්නෙ නෑ...
මටත් ක්‍රමේ අහු උනේ කණාවට.

Windows වල ඕනම ගොනුවක් rename කරලා ඒ ගොනුවෙ අගට මෙන්න මේ කෑල්ලත් එකතු කරන්න.

“.{21EC2020-3AEA-1069-A2DD-08002B3030}”

උදාහරණයක් විදියට ඔයාගෙ ගොණුවෙ නම "Movies” නම් අලුත් නම වෙන්න ඕනි මෙන්න මේ විදියට,
“Movies.{21EC2020-3AEA-1069-A2DD-08002B3030}”

දැන් බලන්න මොකද වෙන්නෙ කියලා....තිබුන ගොනුව double click කරාම control panel යනවා නේද?
ඔන්න ඔය වැඩේ තමයි Software එකෙනුත් වෙන්නෙ. හංගන්න ඕනි වෙලාවට rename කරනවා...
ආපහු ගන්න ඕනි වෙලාවට මුල් නමට ආයෙත් rename කරනවා... එච්චරයි......
හැබැයි dos වලින් තමයි rename කරන්න වෙන්නෙ. මොකද දැන් ඒක folder එකක් නෙමෙයි නෙ....

ඔය වරහන ඇතුලෙ තියෙන කෑල්ලට කියන්නෙ CLSID කියලා. ඔය වගේ කෑලි ගොඩක් තියෙනවා.
මම පාවිච්චි කරලා තියෙන්නෙත් ටිකක් විතරයි..

Control Panel		.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
Network Connections	.{992CFFA0-F557-101A-88EC-00DD010CCC48}
Network Places		.{208D2C60-3AEA-1069-A2D7-08002B30309D}
Printer			.{2227A280-3AEA-1069-A2DE-08002B30309D}
Recycle bin		.{645FF040-5081-101B-9F08-00AA002F954E}
Task Shedular		.{D6277990-4C6A-11CF-8D87-00AA0060F5BF}
Internet Explorer	.{871C5380-42A0-1069-A2EA-08002B30309D}

Windows Vista / 7 වල සමහර ඒවා වෙනස්, ඒක හින්දයි Xp වල ඇරෙන්න HideMe හරියට වැඩ කරන්නැත්තෙ. 
ඕනි නම් කාටහරි Vista / 7 වල තියෙන CLSID ටික හොයාගෙන ගොණු හංගන්න පුලුවන්.
කව්රුහරි එහෙම software එකක් හැදුවොත් මටත් කියන්න.....

මල්ලි‍ට හොරෙන් චිත්‍රපටි හංගන්න…. HideMe……

මම ඉස්සෙල්ලාම ලියන්න යන්නේ මම ටික කාලෙකට කලින් ලියපු software 1ක් ගැන….
ඒක හින්දා තමයි මම වැඩිපුරම බැනුම් අහලා තියෙන්නේ software 1 ක් හින්දා….
Software එකේ නම තමයි HideMe. ඒක හරියට දැකලා නැත්නම් මෙතනින් බා ගන්න.
( හැබැයි බාන්න කලින් මේක කියන්න ඕනි…    Windows Xp වල ඇරෙන්න මේක install කරන්න එපා….)
Hide Me එකෙන් ෆයිල් හංගන්න පුලුවන්….කාටවත් එක පාරට හොයා ගන්න බැරි වෙන්න… Folder එකේ icon එකත් මාරු වෙන හින්දා කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්නත් හංගන්න පුලුවන්… ගෙදර ඉන්නෙ මල්ලි කෙනෙක් නම්, එයාට හොරෙන් පිංතුර, චිත්‍රපටි එහෙම තියා ගන්න ඕනි නම් මේ ක්‍රමේ හොඳයි…ඕනි නම් password 1 කුත් දාන්න පුළුවන්…හැබැයි මල්ලි dos ගැන ඔයාට වඩා දන්නවා නම් සහ මල්ලි ඔයාට වඩා computer ගැන දන්නනවා නම්…. මේක install කරන්න කලින් දෙපාරක් හිතන්න…. මොකද මල්ලිට මාට්ටු උනාට පස්සේ ඉඳලා වැඩක් නෑනෙ…..
මේක install කරලා ඕනම folder එකක් right click කරාම ඒ menu එකේ “___LockMe___” කියලා තියෙන තැන click කරන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් එනවා….
ඒකෙන් ඔයාට කැමති icon 1ක් තෝරගන්න…ඊට පස්සෙ ඔයාට කැමති නම් password 1ක් දාන්න පුළුවන්.
දැන් ඔන්න ok කරාට පස්සෙ folder එකේ icon එක මාරු වෙනවා…. ඒක ඕනි නම් double click කරලා බලන්න, තිබ්බ ඒවා ආපහු තියෙනවද කියලා…….නෑ නේද?
මොකද උනේ……? ඔයා තෝර ගත්තේ internet explorer නම් icon එක double click කරාම යන්නෙ internet explorer….. තෝර ගත්තේ recycle bin නම් යන්නෙ recycle bin…. අනික් ඒවත් එහෙම තමයි…. double click කරාම යන්නෙ වෙනම තැන් වලට නිසා කාටවත් සැක හිතෙන්නෙ නෑ……
දැන් කොහොමද ආපහු තිබ්බ folder එක ගන්නෙ….? හරි ලේසියි….. අර icon එක right click කරන්න….
“UnlockMe” තෝරන්න…. password එකක් දුන්න නම් ඒක ගහලා ok කරන්න….. තිබ්බා වගේ එහෙමම ඇති…. 🙂
කොහොමද මේක වැඩ කරන්නේ……? පොඩි දෙයයි …. folder එක rename කරන එක විතරයි කරන්නේ…..
ඒක ගැන වෙනම post එකක් ඊලඟ පාර දාන්නම්…… try කරලා බලලා comment එකක් දාලා යන්න…..

Hello world!

මම හමා….. මටත් හිතුනා බ්ලොග් 1ක් ලියන්න…… දන්න කියන චූටි චූටි දේවල් දාලා….

මේකෙ මම දාන්න හිතාගෙන ඉන්නෙ මම හදපු programs…… නිකං ඉන්න බැරැවට හදපු පොඩි පොඩි item කෑලි….

%d bloggers like this: